ගාල්ලේ ගොවීන්ට රු. කෝටි 6ක පොහොර සහනාධාර දීලා

Published on August 04, 2026, 09:37 AM

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්  5,843 දෙනෙකු සදහා මෙවර යල කන්නයේ දි පොහොර සහනාධාර මුදල් වශයෙන්  රුපියල්  හයකෝටි හැටදෙලක්ෂ අටදහස්හාරසියපනස්පහක (66,208,455 ) මුදලක් ගොවින්ගේ බැංකු ගිණුම්වලට මේ වනවිට බැරකොට ඇති බැව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

වි වගාකරණු ලැබු  කුඹුරු කැබලි  8,791කට අයත්  හෙක්ටයාර් 2,206.9485ක් සදහා ගොවින්ගේ  බැංකු ගිණුම්වලට මෙම මුදල් බැරකොට  ඇති බවද ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

මෙවර යල කන්නයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ  කුඹුරු කැබලි 10,224කට අයත් හෙක්ටයාර් 2,549.3729ක් වි වගාකොට ඇත. අනිකුත් ගොවින්ගේ  පොහොර සහනාධාර මුදල්ද  ඉදිරියේ දි  ගොවින්ගේ බැංකු ගිණුම්වලට   බැරවිමට  ඇති බවද  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පෙන්වාදෙයි.

ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස් ප්‍රියන්ජන් මහතාගේ  අධික්ෂණය යටතේ පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කරණු ලැබිය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post