නිවසක් මිලදී ගැනීමට අසීරු රටවල් අතර ලංකාව දෙවැනි තැනට

නිවසක් මිලදී ගැනීමට අසීරු රටවල් අතර ලංකාව දෙවැනි තැනට

Published on July 27, 2026, 09:12 PM

නිවාස මිල ගණන් සහ ආදායම් අතර අනුපාතය  (home price to income ratio)  අනුව ගත් විට නිවෙසක් ඉදිකිරීම සහ මිලදී ගැනීම සඳහා අසීරු ලොව රටවල් අතරින් දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ UN Habitat මගින් පසුගියදා නිකුත් කළ නවතම UN Habitat World Cities Report  2026 තුළ මේ බව සඳහන්ව තිබේ. The Global Housing Crisis – Pathways to Action ලෙස මෙම වාර්තාව නම් කර තිබේ.

මෙම අනුපාතය මගින් සාමාන්‍ය පවුලකට සම්පූර්ණ වාර්ෂික ආදායමෙන් වෙනත් කිසිදු වියදමක් නොකර, සාමාන්‍ය මට්ටමේ නිවසක් මිලදී ගැනීමට කොපමණ වසර ගණනක් ගතවේද යන්න මින් පෙන්නුම් කරයි.

එයට අනුව මෙම නිවාස මිල - ආදායම් අනුපාතයේ ලෝක සාමාන්‍ය අගය 11.2 කි. එහි අඩු අගය මගින් නිවාස මිලදී ගැනීමට ඇති හැකියාවත්, ඉහළ අගය මගින් නිවාස මිලදී ගැනීමට ඇති අසීරුතාවත් පෙන්නුම් කරයි.

මෙම වාර්තාවට අනුව නිවසක් මිලදී ගැනීම සඳහා අසීරුම රට වන්නේ සිරියාවයි. එරට නිවාස මිල - ආදායම් අනුපාතය 86.7ක අගයක් ගෙන තිබේ. දෙවැනි තැන පසුවන ශ්‍රී ලංකාවේ එම අනුපාතය 40.8 කි. තෙවැනි තැන පසුවන චීනයේ එය 34.6 කි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post