
Published on April 27, 2026, 01:01 PM
ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි.