ගවයින් නිසා වන අලි උග්‍ර ආහාර අර්බුදයක

ගවයින් නිසා වන අලි උග්‍ර ආහාර අර්බුදයක

Published on April 27, 2026, 11:28 AM

මොනරාගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් අක්කර පන්සියයක තෘණ බිමක් ඇති කළ යුතු යැයි මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති මොනරාගල දිස්ත්‍ර කෘෂිකර්ම කමිටුව අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

"දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවී වන සංරක්ෂණ සහ රජයේ රක්ෂිත ප්‍රදේශවල විශාල වශයෙන් ගවයින් මුදා හැර තිබෙනවා.එම නිසා වන අලින් උග්‍ර ආහාර හිඟයකට මුහුණ පා තිබෙනවා.වන අලින් නිරන්තරයෙන් ගම් වැදී වගාවන්ට සහ දේපළ වලට හානි සිදු කරනවා.

අවම මට්ටමෙන් හෝ විසඳුමක් ලබාදීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් තෘණ භූමි ඇති කළ යුතුයි.තම කොට්ඨාසයේ ඒ සඳහා සුදුසු අක්කර පන්සියයකට නොඅඩු බිම් ප්‍රමාණබිම් ප්‍රමාණයක් තෝරාගෙන තෘණ බිම් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.ග්‍රාමීය මට්ටමෙන් සිදුකරන ගව පාලනයටද මෙය ඉතා වැදගත්."

මොනරාගල සුමනසිරි ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post