තහනම් භාණ්ඩ බන්ධනාගාර තාප්පයෙන් විසිකළ නියාමක අල්ලයි

තහනම් භාණ්ඩ බන්ධනාගාර තාප්පයෙන් විසිකළ නියාමක අල්ලයි

Published on December 22, 2025, 10:47 PM

මාතර බන්ධනාගාර තාප්පයට ඉහළින් තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරී කරමින් සිටින අහංගම ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයෙකි.

මාතර බන්ධනාගාරයෙ තාප්පයට  ඉහළින් පසුගිය (09) දින දුරකථන උපාංග ඇතුළු  තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් කිසිවකු විසින් විසිකර ඇති අතර, මෙම පාර්සලය සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන පැවැත්වූ බව පොලිසිය පවසයි.

එම විමර්ශනයේදී ඉහත පාර්සලය විසිකර ඇත්තේ ඉහත බන්ධනාගාර නිලධාරියා බවට හෙළිවීමෙන් අනතුරුව ඊයේ (21) සවස ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post