ධීවරයින් පහක් සමග බහුදින යාත්‍රාවක් අතුරුදන්

ධීවරයින් පහක් සමග බහුදින යාත්‍රාවක් අතුරුදන්

Published on December 21, 2025, 06:17 PM

රැකියාව සදහා මුහුදු ගිය “ඉදුරංගී 01” බහුදින යාත්‍රාව ධීවරයින් පස් දෙනෙකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති බවට එම ධීවරයින්ගේ ඥාතීන් වැලිගම මූලස්ථාන පොලීසිය වෙත පැමීණිලි කර ඇත.

21 වැනි දින මිරිස්ස ධීවර වරායෙන් මෙම යාත්‍රාව මුහුදු ගොස් තිබේ.එසේ අතුරුදන් වී ඇත්තේ ඩි.ජේ පියුමාල් (ස්කිපර්), අමල් සුරංග, ආර් සුසන්ත, බී එල් රුමේෂ්, දිලාන් දර්ශන නමි මිරිස්ස ප්‍රදේශයේම පදිංචි ධීවරයන් පස් දෙනෙකි.

ඉකුත් 06 වැනි දින ඔවුන් අවසන් වරට ගොඩබිම සමග සැටලයිට් ඔස්සේ සම්බන්ධ වී තිබෙන අතර ඉන් පසුව සිට මේ දක්වා කිසිදු තොරතුරක් දැන ගන්නට ලැබී නොමැති බව එම පවුල් වල ඥාතීන් පවසති.

ඔවුන් ඒ පිළිබඳව වැලිගම මූලස්ථාන මූලස්ථාන පොලීසියට අමතරව නාවික හමුදාව සහ ධිවර අමාත්‍යංශය වෙත ද දැනුම් දී ඇත.එහෙත් තවමත් නිල තොරතුරක් ලැබී නොමැත.

එබැවින් මහ මුහුද මැදදී අනතුරකට ලක්ව ඇත්දැයි සැක කරන මෙම ධීවරයින් පස් දෙනාගේ ජීවිත කඩිනමින් බේරා දෙන ලෙසට එම ඥාතීන් රජයෙන් ඉල්ලා සිටී.

මේ පිලිබදව අදහස් දැක්වු  'ඉදුරංගි 1' බහුධීන ධීවර යාත්‍රාවේ ස්කීපර් ඩි.ජේ පියුමාල් ධිවරයාගේ මව වන ඒ.ඩි දයාවති මහත්මිය මෙසේ පැවසුවාය.

'' 'ඉදුරංගි 1' බහුධීන ධීවර යාත්‍රාව නොවැමිබර් 21 වෙනිදා තමයි මිරිස්ස වරායෙන් පිටත් වුනේ. මේ මාසේ 6 වෙනිදා වෙනකල් ගොඩබිම එක්ක කතා කරා. එත් එදායින් පස්සේ කිසිම ආරංචියක් නැහැ. පුතා එක්ක ඔක්කොම ධීවරයන් පස් දෙනෙක් හිටියා ඒ කිසිම කෙනෙක් ගැන ආරචියක් නැහැ. යාත්‍රාවේ දෝෂයක් නිසා මොකක්හරි වෙන්න ඇති කියලයි අපි හිතන්නේ. මේ අය ජීවත්ව ඉන්නවා කියලා අපි විස්වාස කරනවා. ධීවර අමාත්‍යංශයට කිවුවා, නවික හමුදාවට කිවුවා, පොලිසියේ පැමිණිලි දැමිමා එත් කිසිම ආරංචියක් නැහැ.

මේ ධීවරයන්ගේ දරුමල්ලෝ ඉන්නවා ඒ අය හැඩු කඳුළින් ඉන්නේ. දවසකට වේලක්වත් කැම කන්නෙ නැහැ.පසුගිය දවස් වල කාලගුණය අයහපත් මට්ටමක පැවතියා.සුලි කුණාටු පවා ආවා.එවැනි තත්වයක් තුල මේ ජීවිත වලට සිදු වුයේ කුමක්ද කියලා සොයා බැලීම වැදගත්.අපි හැම විටම මේ අය ගැන හිත හිතා ඉන්නේ. ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ධීවරයන් පස් දෙනා සොයාගන්න ඉතා ඉක්මනින් මැදිහත් වෙන ලෙසයි.”

වැලිගම මූලස්ථාන පොලීසියෙන් මේ පිලිබදව කල විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ වගකිවයුතු අංශ වෙත මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි. ධීවර අමාත්‍යාංශය හා නාවික හමුදාව මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.

ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ මිරිස්ස මහේශ් මලවරආරච්චී

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post