දුම්රියේ මෝටර් රථයක් ගැටෙයි

දුම්රියේ මෝටර් රථයක් ගැටෙයි

Published on December 28, 2025, 11:10 AM

‌කොස්ගොඩ, පියගම ලී මෝල අසල දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වන දුම්රියේ මෝටර් රථයක් ඊයේ (27දා) සවස ගැටී තිබේ. සවස 4.30 ට පමණ සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සදහා බළපිටිය මූලික රෝහලට එදිනම (27) සවස ඇතුලත් කර තිබේ.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ බළපිටිය, වැලිතර පදිංචි කසුන් ධනුෂ්ක ද සිල්වා (38), ඔහුගේ 11 හැවිරිදි පුතා සහ මහපිටිය, කොස්ගොඩ පදිංචි පුෂ්පා ප්‍රේමලතා ද සිල්වා (59) යන තිදෙනාය.

මෙයින් බරපතල තත්ත්වයේ සිටින මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කල කසුන් ධනුෂ්ක ද සිල්වා (38) නැමැති අය ඊයේ (28) පෙරවරුවේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව බළපිටිය රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

දුම්රිය හරස් මාර්ගය වෙනුවෙන් සවිකර තිබෙන වර්ණ සංඥා නොතකා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව කොස්ගොඩ පොලීසිය මෙතෙක් කරන ලද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. කොස්ගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සිල්වා, පොලිස් කොස්තාපල් එරන්ද (70810) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තමිඳු මදුසර ලියනගේ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post