මේක ප්‍රහාරයක්

මේක ප්‍රහාරයක්

Published on December 19, 2025, 05:21 PM

දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ප්‍රහාරයක් බවත් ඒයින් ගොඩ ඒ්මට රුපියල් බිලියන 700ක් පමණ වෙන් කරන බව ජනපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව ලෝක බැංකුවේ වාර්තාවක් ලබන සදුදා වන විට ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.

"මේ බිලියන 500 හේතුකොට ගෙන ලබන අප්‍රේල් වෙන විට ආර්ථිකය කඩා වැටෙනවා කියලා ඒළියේ කථාවක් තියෙනවා.මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම තුළින් ආර්ථිකය කඩා වැටෙනවා කියලා පක්ෂයක අභ්‍යන්තර රැස්විමක කියලා තියෙනවා.

අපි මූල්‍යමය ඉලක්කයක් ඇතිව වැඩ කරපු ආර්ථිකයක්. 2025 ආර්ථිකයේ අපි ඳහො ජයග්‍රහණ ලබලා තියෙනවා. අපේ භාන්ඩාගාර  ගිණුම අයිරාවගින් තිබුණේ.2025 නොවැම්බර් වන විට අපේ භාණ්ඩාගාර ගිණුමේ දන අගය බිලියන 1202යි.  එවැනි ගිණුමක් නොවෙන්න අපිට මේ මුදල් හෙයා ගන්න බෑ. 2025 අපි 15.9ක රාජ්‍ය ආදායමක් උපයනවා.

අයවැය  ඟහිය 1977න් පසුව අඩුම අයවැය ඟහිය වාර්තා කර තිබෙනවා. ආදායම් ඉලක්ක අභිභවා ගිය ඉතිහාසයේ පළමුඅවුරුද්ද මෙය වෙනවා. අපි බීලියන 5125ක ආදායමක් උපයනවා. අපේ ණය සිමාවන් වැඩි නොකර තබා ගන්න අපිටපුළුවන් වුණා. අපි ණය සීමාව වැඩි කරන්නේ නැතිව මේ බිලියන 500 වෙන්කරනවා.

1950න් පසුව අවස්ථා හයකදී පමණයි ප්‍රාථමික ගිණුමේ ධන අතිරික්තයක් තිබිලා තියෙනවා. ඒ් හැම ඒකක්ම 1ට අඩුයි. මේ වසරේ සියයට තුන ඉක්ම වූ ප්‍රාථමික ගිණුමේ ධන අතිරික්තයක් ඇති කරලා තියෙනවා. දත්ත වලින් අපි ශක්තිමත් වෙලා තිබෙනවා. අපිට තිබුණේ විශාල කම්පනයනට ඔරොත්තු දෙන මට්ටමක නෙමෙයි. කුඩා වැරදීමක් අපිට මාරාන්තික ප්‍රථිපල ගෙන දෙන ආර්ථිකයක් තිබුණේ. අපි ඉතාමත් සංයමෙයෙන් වරද්ද ගන්නා නැතිව ආර්ථිකය ස්ථාවර කර තියෙනවා.

මේ ස්ථාවර තත්ත්වය මත තමයි අපිට මේ ප්‍රහාරය ඒල්ල වුණේ. ඒ්ක ආර්ථික පාරිසරික වශයෙන් ප්‍රහාරයක්. මේ කම්පනය සමනය කර ගන්න අපි සියුම්ව මැදිහත් වෙනවා. මේ ව්‍යවසනයේදි අප සතුව තිබෙන ට්‍රිලියනයක සංචිතය අපි ජනතාවට සහන දෙන්න යොදා ගත යුතුයි. ජනතාවට බෙදන කොට ඇගෙන් ඇටයක් යනවා වගේ. තමන්ට ලොකු හැදිවලින් ඒ් අය බෙදා ගත්තා. ජනතාවට සාධාරණ ලෙස ගොඩ ඒන්න අපි කටයුතු කරනවා. "

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post