පැනගිය රැඳවියන් අල්ලයි

පැනගිය රැඳවියන් අල්ලයි

Published on December 21, 2025, 10:29 PM

මාතර කොටවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙනවිත් සිටියදී අද (21) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය රැදවියන් දෙදෙනෙකු පසුව සිදු කල සෝදිසි මෙහෙයුමක දී ගරාඬුව කැලෑවක සැගව සිටියදී යලි අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් විය.

පැය දෙකක පමණ කාලයක් තිස්සේ සිදු කල එම සෝදිසි මෙහෙයුමට පොලිසියේ ද සහාය ලබා දී තිබුණි.වැලිගම මිදිගම හා කෝට්ටගොඩ පදිංචි රැදවියන් දෙදෙනා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.

පසුව ඔවුන් බන්ධනාගාර නිලධාරීන් විසින් මාතර බන්ධනාගාරය වෙත රැගෙන යාම සදහා සූදානම් කර සිටිය දී අත් විලංගු ද සමගින් පැන ගොස් ඇති බව දැන ගන්නට ඇත.

එම රැදවියන් දෙදෙනාට එකිනෙකාට සම්බන්ධ අත් විලංගු දෙකක් දමා තිබු බවද කියති.කෙසේ වෙතත් ඔවුන් කිලෝ මීටරයක් වැඩි දුරක් දුව ගොස් සැගවී සිටියදී යලි අත්අඩංගුවට ගෙන තිබුණි.කොටවිල පොලීසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.

ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ මිරිස්ස මහේෂ් මලවරආරච්චී

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post