යටියන්තොට ප්‍රාස අයවැය දෙවන වරටත් පරදියි

යටියන්තොට ප්‍රාස අයවැය දෙවන වරටත් පරදියි

Published on December 12, 2025, 03:28 PM

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය අද දින (12) දෙවන වරටත් වැඩි ඡන්ද හතරකින් පරාජයට පත් විය. 2026 වාර්ෂය සඳහා අයවැය කෙටුම්පත සභාපති නීතිඥ තරිඳු දෙවන ගුරු මහතා (ජාතික ජන බලවේගය ) විසින් සභාවට ඉදිරිපත් කළ  ඒ පිළිබඳව ඡන්දයක් අවශ්‍ය බව සමග ජන බලවේගය මන්ත්‍රී රාජපක්ෂ බණ්ඩාර මහතා මහා සභාවට පැවසීය.

ඒ අනුව පැවති ඡන්දයේදී සභාපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දොළොස් දෙනා   සහ ස්වාධීන මන්ත්‍රී සූරිය කුමාර සුමිත්‍රන් මන්ත්‍රීවරයා  දෙදහස 2026 අයවැය කෙටුම් පතට පක්ෂව ඡන්දය දුන් අතර සමගි ජන බලවේගය ,ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ,පොදු ජන එක්සත් පෙරමුණ ,සර්ව ජන බල  පක්ෂය  සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල මන්ත්‍රීවරු අය වැය කෙටුම්පතට ඡන්දය විරුද්ධව භාවිතා කළහ. 2026 වර්ෂය සඳහා  අපේක්ෂිත ආදායම රුපියල්  14 150 541 කි.අපේක්ෂිත වියදම  14 150 541කි.

වසන්ත  රෝහණ  කෑගල්ල

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post