තරග දෙකක් ඉතිරිව තිබියදී අලුබඳුන ශූරතාව ඕස්ට්‍රේලියාවට

තරග දෙකක් ඉතිරිව තිබියදී අලුබඳුන ශූරතාව ඕස්ට්‍රේලියාවට

Published on December 21, 2025, 11:36 AM

අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ  තුන්වන ටෙස්ට් තරගය ලකුණු 82කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව අද(21දා) සමක්  විය.

ඒ අනුව තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී තරගාවලිය 3ට 0ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු සමත් විය.

ලකුණු 435ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 349ක් පමණී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 371ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම එංගලන්තය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස් කළේය.

අනතුරුව ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 349ක් රැස් කළ අතර, ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 435ක ඉලක්කයක් හිමි විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post