අඹේවෙළ සිට ඇල්ල දක්වා දුම්රියෙන් යන්න විශාල සංචාරකයන් පිරිසක්

අඹේවෙළ සිට ඇල්ල දක්වා දුම්රියෙන් යන්න විශාල සංචාරකයන් පිරිසක්

Published on December 23, 2025, 05:09 PM

දිත්වා සුලි කුණාටුවෙන් පසු බදුල්ලේ සිට අඹේවෙළ දක්වාත් අඹේවෙළ සිට බදුල්ල දක්වාත් ඉකුත් (20) දින සිට දුම්රිය සේවය යලිත් ආරම්භ කිරිමත් සමග අඹේවෙල සිට ඇල්ල දක්වා ගමන් කිරිමට දිනකට දෙස් විදෙස් සංචාරකයන් 300-400ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බව අඹේවෙල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා පැවසීය.

මේ අනුව දිනකට අඹේවෙළ සිට ඇල්ල දක්වා විදේශිකයන් ගමන් කිරිමෙන් ලක්ෂ 4ක පමණ ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන බවත්, ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීම සදහා අඹේවෙළ දුම්රිය ස්ථානයට 051-350 4745 නව දුරකථන අංකයක් වෙන් කර ඇති බවත්, එම දුරකථනය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගත හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post