ගාල්ල මහ නගර සභා අයවැය පරදියි

ගාල්ල මහ නගර සභා අයවැය පරදියි

Published on December 15, 2025, 03:19 PM

ගාල්ල මන නගර සභාවේ ලබන වසර (2026) සදහා වු මංගල අය වැය ලේඛණය ඊයේ (15) පැවැති  නගරසභා මාසික  රැස්විමේ  වැඩි ජන්ද දෙකකින් පරාජයට පත්විය.

ගාල්ල මහ නගරාධිපති සුනිල් ගමගේ මහතා විසින් සිය මංගල අයවැය ලේඛණය සභාවට ඉදිරිපත්  කිරිමෙන් පසු අයවැය  විවාදය පැවැත්විණි. අයවැය විවාදයෙන් පසු ඡන්ද විමසිම පවැති අතර   ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්තසබන්දු (  ශ්‍රිලංකා පොදුජන පෙරමුණ)  මහතාද  අයවැයට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කිරිම  විශේෂත්වයෙකි ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 19ක් ලැබුණි. අයවැය ලේඛනය වැඩි ඡන්ද 02කින් පරාජයට පත්විය.

සමගිජනබලවේගය, එජාපය, ශ්‍රිලංකාපොදුජන පෙරමුණ, පොදුජනඑක්සත් පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රිවරු 19 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශකරණු ලැබිය. නගරාධිපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු 17 දෙනා අයවැයට පක්ෂව  ඡන්දය ප්‍රකාශකරණු ලැබිය..්‍

ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා  තෝරා ගැනිම සදහා පැවති ඡන්ද විමසිමේ දි ජාතික ජනබලවේගයේ  සුනිල්ගමගේ මහතා ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ඇතිව නගරාධිපතිධුරයට පත්වි නගර සභාවේ බලය තහවුරුකරගනු ලැබිය. එහිද ප්‍රියන්ත සහබන්දු මහතා ගාල්ල මහනගරසභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරයට නිතරගයෙන් තේරිපත්විය.

වසර 159 පැරැනි ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ   අය වැය ලේඛනයක් පරාජයට පත් වු ප්‍රථම අවස්ථාව මේ වන්නේයකෙසේ වුවද පවතින පළාත පාලන නිතිය අනුව සති දෙකක් ඇතුලත නැවත වරක් මෙම අය වැය ලෙඛණයට සංශෝධිත අය වැය ලෙඛණයක් ඉදිරිපත් කිරිමට පාලක පක්ෂයට  අවස්ථාව  උදාවේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post