
Published on December 11, 2025, 06:43 PM
දිත්වා සුළි කුණාටුවත් වගා බිම්වලට සිදුවූ හානිය උපයෝගී කරගනිමින් ඇතැම් වෙළෙඳුන්, වෙළෙඳපොළ තුළ කෘතිම ලෙස මිල ඉහළ නැංවීමක් සිදු කිරීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා අවශ්‍ය තීරණයන් ගැනීමට ආහාර සුරක්ෂිතා කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අල, ලූනු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය, ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතා කමිටුවේ අවධානය යොමුව තිබේ.
එම ආහාර ද්‍රව්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ලංකා සතොස අලෙවි සැල් ජාලය සහ සමුපකාර අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට නියමිතය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතා කමිටුව සතිපතා රැස්වීමටද තීරණය කර ඇත.