දික්ඔය සියලුම අනවසර ඉදිකිරිම් නැවත්වීමට තීරණයක්

දික්ඔය සියලුම අනවසර ඉදිකිරිම් නැවත්වීමට තීරණයක්

Published on December 22, 2025, 12:20 PM

දිත්වා්වාලි කුණාටුවෙන් පසු හැටන් දික්ඔය නගර සභා සීමාවේ නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ නොමැතිව ඉදි කරන සියලුම ඉදි කිරිම් කටයුතු වහාම නතර කරන ලෙසට ජනතාව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන දැනුවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පියවර ගෙන ඇත.

හැටන් දික්ඔය නගර සභා සීමාවේ නගර සභාවේ ඇතැම් නිළධාරින්ගේ සහයෝගය මත හැටන් දික්ඔය නගර සභා සීමාවේ ඇතැම් පිරිස් නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය ඇතුලු ඉදිරිකිරිම් සදහා අනුමැතිය ගත යුතු ආයතන වලින් අනුමැතිය ලබා නොගෙන ඉදිකිරිම් කරන අතර, තවත් පිරිසක් අනුමත කල සැලැස්මට පටහැනිව ඉදි කිරිම් සිදු කරන නිසා එම ඉදිකිරිම් නතර කිරිමට පියවර ගත් බවයි සභෘපතිවරයා කියා සිටියේ.

තවද හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදිංචිකරුවන් අවිධිමත් ලෙස කැලි කසල බැහැර කරන බවත්, එසේ අවිධිමත් ලෙස කැලි කසල බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post