උමා ඇල අමුණ ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර නිකුත් කෙරේ

උමා ඇල අමුණ ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර නිකුත් කෙරේ

Published on December 18, 2025, 03:52 PM

“දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයේ මහිම”වැඩසටහන යටතේ පසුගිය දින වල පැවති ආපදාවෙන් විනාශයට පත්වූ උමා ඇල අමුණ ප්‍රතිසංස්කරණය කර මහ කන්නය සඳහා දියවර නිකුත් කිරීම සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ (17) වෙනිදා සිදුකෙරිණි.

උමා ඔය ඇල සහ බැම්ම විනාශවී ගොස් තිබූ අතර දින දොළහක් ඇතුලත එහි ප්‍රතිසංස්කරණ කටයුතු වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුද හමුදාව,මහා සංඝ රත්නය,ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසීන්  විසින් මහා පරිශ්‍රමයක් යොදා නිම කරන ලදි.

1856 වර්ෂයේදී ඇරඹුණු උමා ඇල ව්‍යාපෘතිය මඟින් උඩරට එළවළු වගාවට 65% පමණ දායකත්වයක් ලබා දෙයි. මෙම ව්‍යාපෘතිය කිලෝමීටර් 17 පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසක් පමණ ගොවිතැන් කටයුතු සිදුකරයි.

මොනරාගල සුමනසිරි ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post