
Published on December 22, 2025, 09:17 AM
අම්බලන්ගොඩ ගාලු පාරේ පුද්ගලික ගෘහ උපකරණ අලෙවිසැළක අද(22)උදේ සිදුවූ වෙඩි තැබීමකින් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ හිරාන් කෝසල නොහොත් සිංගර් කෝසල නමැති අම්බලන්ගොඩ පදිංචි අයෙකි.
ඔහු තම ආයතනයට සේවයට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇත. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සුසිල් ප්‍රයන්ත/ජනක්ද සිල්වා