දකුණු අධිවේගයේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

දකුණු අධිවේගයේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

Published on December 19, 2025, 08:32 AM

2025.12.18 වන දින රාත්‍රී කාලයේ හෝමාගම  පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 2.0L හා 2.1L   අතරදී කඩවත දෙස සිට වැලිපැන්න දෙසට ධාවනය වූ ලොරි රථයක් කාර්මික දොෂයකට ලක්වීම හේතුවෙන් නවතා තිබූ ලොරි රථක ගැටී අනතුරක් සිදුව ඇත අනතුරින් ධාවනය වූ ලොරි රථයේ රියදුරු හා රිය සහයක බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රිය සහයක මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු  48 ක් වූ දර්ගා නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post