
Published on December 19, 2025, 01:45 PM
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක 5වන සහ අවසන් විස්සයි 20 තරගය අද(19දා) පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ තරග 2ට 1ක් ලෙස මේ වන විට ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවන්නේය.
සිව්වන තරගය වර්ෂාව හේතුවෙන් පසුගියදා අතහැර දැමීමට කටයුතු කෙරිණි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කරන්නේ නම් ඔවුන් තරග 3ට 1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරන අතර, දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කරන්නේ නම් තරග 2ට 2ක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීමට හැකි වනු ඇත.
කෙසේ වෙතත් අද තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුවහොත් තරගාවලියේ ජය තරග 2ට 1ක් ලෙස ඉන්දියාවට හිමි වනු ඇත.