මහනුවර නාය යෑමේ අධි අවධානම් පවුල් 1539කින් නැවත පදිංචි කර ඇත්තේ පවුල් 220

මහනුවර නාය යෑමේ අධි අවධානම් පවුල් 1539කින් නැවත පදිංචි කර ඇත්තේ පවුල් 220

Published on December 18, 2025, 04:39 PM

මහනුවර දිස්ත්‍රික්කයේ නාය යෑම් අධිඅවදානම් තත්ත්වයන් ලෙස සලකා ප්‍රාදේශිය ලේකම් කාර්යාල 17ක පවුල් 1539ක් හදුනාගෙන තිබු අතර ඉකුත් වර්ෂයේ 2024 දෙසැම්බර් මස 31 දිනවනවිට මින්  නැවත පදිංචිකොට ඇත්තේ පවුල් 220ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

නාය  යෑම්  අධි අවදානම්  තත්ත්වයන් ලෙස සලකා  හදුනාගෙන තිබු  පවුල් 1319 එම ස්ථානවලින් ඉවත්කොට නැවත පදිංචි කිරිමට කටයුතු කර නොතිබු බව.ද විගණන වාර්තාවේ සදහන් වේ.

නාය යෑම් අධි අවදානම් තත්ත්වයන් ලෙස සලකා මෙම පවුල්  නැවත පදිංචි කළයුතු බවට හදුනාගෙන වසර  09කට අධික කාලයක් ගතවි   තිබුණි. 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති  විගණකාධිපති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post