කොත්මලේ නැගෙනහිරට ආපදා රැසක් - සහන කණ්ඩායම්වලට ළගා වෙන්න බෑ

කොත්මලේ නැගෙනහිරට ආපදා රැසක් - සහන කණ්ඩායම්වලට ළගා වෙන්න බෑ

Published on November 30, 2025, 10:58 AM

කොත්මලේ නැගෙනහිර කලාපයේ ආපදා රැසක් සිදු වී ඇති බවත්, එම ස්ථානවලට ලගා විමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා ප්‍රියදර්ශනි මහත්මිය මාධ්‍ය හමුවේ කියයි.

කොත්මලේ නැගෙනහිර කලාපයේ ආපදා රැසක් සිදු වී ඇති බවත්, එම ස්ථානවලට යැමට තිබෙන මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා එම ස්ථානවලට ලගා විමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව (30) දින මාධ්‍යට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා දර්ශනි මහත්මිය පැවසීය.

එම කලාපයේ නායගිය ස්ථානවල දැනට සිරුර 17ක් සොයා ගත් බවත්, එම සිරුරු කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂනය සදහා තැම්පත් කර ඇති බවයි මන්ත්‍රිවරිය කියා සිටියේ.

ආපදාවෙන් පීඩාවට පත් කොත්මලේ නැගෙනහිර කලාපයේ ජනතාවට අවශ්‍ය ආහාරපාන ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් කොත්මලේ ගාමිණි විද්‍යෘලයේ ක්‍රිඩංගණය දක්වා රැගෙන විත් බෙදා හැරීමට පියවර ගෙන ඇති බවත්, පැවසූ මන්ත්‍රීවරිය කොත්මලේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙය ජාතික ආපදාවක් බවත්, මෙම අවස්ථාවේ කොත්මලේ අවට සියලු දෙනා නිවාසවලින් එළියට පැමිණ අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් කිරිමට දායක වන ලෙසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post