ට්‍රම්ප් හා ෂී අතර සාකච්ඡා සාර්ථකයි

ට්‍රම්ප් හා ෂී අතර සාකච්ඡා සාර්ථකයි

Published on October 31, 2025, 07:55 AM

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති අතර දකුණු කොරියාවේ පැවැති සාකච්ඡා සාර්ථක වි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති අතර හමුවක් සිදුව ඇත්තේ වසර හයකට පසුව වන අතර මෙම හමුව හරහා ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් අඩු කිරීම සඳහා බලාපොරොත්තු ඇති කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ පැවති සාකච්ඡා "පුදුම සහගත" බවට ට්‍රම්ප් විස්තර කළ අතර, බීජිනය පැවසුවේ "ප්‍රධාන වෙළඳ ගැටළු" විසඳීම සඳහා ඔවුන් එකඟතාවයකට පැමිණ ඇති බවයි.

ට්‍රම්ප් චීනයට තීරුබදු පැනවීම ආරම්භ කළ දා සිට දෙරට අතර සබඳතා නොසන්සුන් වී ඇති අතර, බීජිනය එයට තමන්ගේම ප්‍රතිචාර දැක්වීය.

බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡා විධිමත් එකඟතාවයකට මඟ පෑදුව නොමැති නමුත් නිවේදනවලින් පෙනී යන්නේ ඔවුන් ගනුදෙනුවකට සමීප බවයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post