වැව් රක්ෂිතයේ තිබෙන ඉඩමෙන් ඉවත්වීමට සූදානම් බව මාලිමා මන්ත්‍රී කියයි

වැව් රක්ෂිතයේ තිබෙන ඉඩමෙන් ඉවත්වීමට සූදානම් බව මාලිමා මන්ත්‍රී කියයි

Published on October 29, 2025, 02:39 PM

තම ඉඩමෙන් ඕනෑම මොහොතක ඉවත් වීමට සූදානම් බවත් තමාගේ ඉඩම වැව්රක්ෂිතයට අයත් වීම නිසා රක්ෂිත ඉදිකිරීම් ඉවත් කිරීම් නවතා ඇති බවට කෙරෙන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම රජයට අප්‍රසාදය ගොඩනැගීම සඳහා ගොතනලද ප්‍රචාරයක් බවත් අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී  පී. ඩී. එන්. කේ. පලිහේන මහතා පැවසීය.

නුවර වැව වැව්රක්ෂිතයේ මායිම් සටහන් කිරීම පසුගිය මාස කිහිපය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලැබීය.එහෙත් මේ වනවිට එම ඉඩම්වල ඉදිකිරීම් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධව රජය තීරණය කරන තුරු ඉදිරියේදී මේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් තවත් ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට උපදෙස් ලැබී ඇති බවට වාර්තා වේ.

මෙසේ සිදු වී ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පී ඩී එන් කේ  පලිහේන මහතාගේ ඉඩමද නුවර වැව රක්ෂිතයට හසු වීම හේතුවෙන් බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පිරිස් සැක පල කරති.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පී ඩී එන් කේ පලිහේන මහතාගෙන්  කළ විමසීමේදී ඒ මහතා මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.

මේ ඉඩම සඳහා චන්ද්‍රිකා ආණ්ඩුව මගින් ඔප්පුවක් ද ලබා දී ඇති බවත් ඉදිකිරීම් සැලැස්ම නගර සභාව මගින් අනුමත කර ඇති බවද පලිහේන මහතා සදහන් කළේය.තමා විසින් මෙය වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී ගත් අතර 1965 වර්ෂයේ සිට විදුලි බිල පවා පවත්වාගෙන ආ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රක්ෂිත ඉවත් කිරීම තමාගේ බලපෑමට සිදුවන බවට චෝදනාවක් කරන්නේ නම් එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් හෙතෙම කියයි.දහස් ගණනකගේ ඉඩම් රක්ෂිත සීමාවට ඇතුළු වී ඇති බැවින් එවැනි උපදේශයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දුන්නේ නම් එය පදනම් කරගෙන සිදු වන්නට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

එය විවිධ පුද්ගලයින් දේශපාලන හෝ වෙනත් වාසියකට හරවා ගෙන මෙවැනි අසත්‍යය ව්‍යාජ මතයක් ගොඩනගන්නේ දැයි තමා නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පලිහේන මහතා සඳහන් කළේය.

හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳට අයත් අනුරාධපුර "පෙරිමියන්කුලම"   වැව් රක්ෂිතයේ සිදු කරගෙන ඇති ඉදිකිරීම ඉවත් කිරීම මෙම තත්ත්වයට බලපෑවේ නැතයිද මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ එම ඉඩම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නොවන බවයි.

එම ඉඩම වැවට ආසන්නයේම තිබෙන බවත් තවත් එවැනි ඉඩම් සඳහා ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා කීය. තවද මේ ඉඩම් සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post