ට්‍රම්ප්ගේ සටන් විරාම ගිවිසුම ඊශ්‍රායෙලය හා හමාස් කඩයි

ට්‍රම්ප්ගේ සටන් විරාම ගිවිසුම ඊශ්‍රායෙලය හා හමාස් කඩයි

Published on October 29, 2025, 05:13 PM

ගාසා තීරයට අඟහරුවාදා රාත්‍රී ඊශ්‍රායෙලය එල්ල කළ ප්‍රහාර රැල්ලකින් අවම වශයෙන් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සිවිල් ආරක්ෂක ඒජන්සිය සහ රෝහල් පවසයි.

එක්සත් ජනපදය මැදිහත් වූ සටන් විරාම ගිවිසුම හමාස් විසින් උල්ලංඝනය කරන බව සඳහන් කරමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල  කර තිබේ.

අඟහරුවාදා දකුණු ගාසා තීරයේදී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල සොල්දාදුවෙකු  ඝාතනය කිරීම හා මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබා දීමේ කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා හමාස් සංවිධානයට චෝදනා කළේය.

ප්‍රහාරයට තමන්ට "කිසිදු සම්බන්ධයක්" නොමැති බව හමාස් ප්‍රකාශ කළ අතර සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටින බව අවධාරනය කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post