පෝලන්තයේ සිට ගුවන් යානා දෙකක් කටුනායකට එයි

පෝලන්තයේ සිට ගුවන් යානා දෙකක් කටුනායකට එයි

Published on October 31, 2025, 11:56 AM

ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් මංගල ගුවන් ගමනෙහි නිරත වෙමින් 10/31 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

පෝලන්තයේ එන්ටර් එයාර් නැමති ගුවන් සමාගම මෙම ගුවන් ගමන සදහා බෝයිං - 737 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදවා තිබුණි. මෙහි පළමු ගුවන් යානය 10/31 දින උදෑසන 09.50 ට පෝලන්තයේ කටෝවිස් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර , එම යානය ජල ආචාර පවත්වා උසස් අන්දමින් ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය .

දෙවන ගුවන් යානය 10/31 දින දහවල් 11.00 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට ( Warsaw ) සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටියහ. පෝලන්ත එන්ටර් එයාර් ගුවන් යානා සතියකට 08 වරක් පෝලන්තයේ කටෝවිස් සහ වෝර්සෝ යන ගුවන් තොටුපොළ වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post