ඉලක්ක ගත ආදායම ඉක්මවා බදු අදායමක් ලැබූ සුරා බදු දෙපාර්තමේන්තුව

ඉලක්ක ගත ආදායම ඉක්මවා බදු අදායමක් ලැබූ සුරා බදු දෙපාර්තමේන්තුව

Published on July 04, 2025, 09:31 AM

මේ වසරේ ජනවාරි 01  වැනි දින සිට ජුනි 30   දින දක්වා කාලයෙහිදී රුපියල් බිලියන 120.5 ක  බදු අදායමක් රජයට උපයා දී ඇති  බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති  ඉලක්කය ඉක්මවා  සියයට එකසිය දෙකයි දශම හයක ඉපයීමක් බවද පෙන්වා දෙයි.

සුරා බදු දෙපාර්මෙතුවේ කාර්ය භාරය සහ දැක්ම අනුව මද්‍යසාර සහ දුම්කොළ කර්මාන්තය නියාමනය කරමින් බදු මුදල් සුරක්ෂිතව රජයට අයකර දීමත්, එහි කර්මාන්තයන්හි නීති විරෝධී කටයුතු සම්බන්ධ නීතිය බලාත්මක කිරීමත්, එමඟින් සිදුවන, සමාජමය හා සෞඛ්‍යමය හානිය පිළිබඳව දැනුම්වත් කර, සමාජ ආරක්ෂණය සැලසීම සඳහා නිවාරණ කටයුතු සිදු කිරීමත් සිදුවන බවද පෙන්වා දෙයි.

2022 වර්ෂයේ රුපියල් බිලියන 170.3 ක්ද, 2023 වර්ෂයේ රුපියල් බිලියන 178.6 ක් ද, 2024 වර්ෂයේ ලියන 226.7 ක් ද රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කර ඇති බවද සඳහන් කරයි.

ආදායම පුරෝකථනයෙන් පසුව එසේ රජයට ලබාගත හැකි ආදායම් බදු ඉලක්ක ලබා දීම මුදල් අමාත්‍යංශය මඟින් සිදු කරන  බවද පෙන්වා දෙයි.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර කීපයෙහි ලබා දී ඇති ආදායම් ඉලක්ක කරා යමින්, රජයේ අරමුණු සාක්ෂාත් කිරීමට දායක වී ඇති බවද සඳහන් කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post