බස් ගාස්තු අඩුවීම අද සිට ක්‍රියාත්මකයි

බස් ගාස්තු අඩුවීම අද සිට ක්‍රියාත්මකයි

Published on July 04, 2025, 08:22 AM

බස් ගාස්තු අඩු විම අද (04 වැනි)  සිට  සිදුවන අතර මේ අනුව අවම බස්  ගාස්තුව  හැර එතැන්පටන් ගාස්තු සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%)  අඩු විම සිදුවේ

වාර්ෂික බස් ගාස්තු ප්‍රතිශෝධනය සෑම වර්ෂයකම ජූලි මස 01 දින ප්‍රකාශයට පත් කළ යුතු වන අතර 30 වන දින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවිම නිසා බස් ගාස්තුව ක්‍රියාත්මක කිරිම අද සිට සිදුකරන බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි

මේ අනුව අද උදේ  00.01 පැයේ සිට පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනය කරනු ලබන බස්රථ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව / පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විසින් නිකුත් කළ වලංගු මගීසේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ වල දැනට ක්‍රියාත්මක බස් ගාස්තුව සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) අඩු වන බවද පෙන්වා දෙයි.මෙම බස් ගාස්තු අඩු වීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා හා අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම බස් රථ සේවා සඳහා අදාළ වේ.අවම බස් ගාස්තුවේ කිසිදු අඩු විමක් සිදුනොවන අතර මිට අමතරව තවත්  ගාස්තු අවස්ථා කිහිපයක මිලත් නොවෙනස්ව පවතිනව ගාස්තු යටතේ   මගීන්ගෙන් අය කළ යුතු නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවකයන් වෙත දැනුම් දෙන  බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන අය සම්බන්ධයෙන් නීත්‍යනුකූල ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.

නියමිත බස් ගාස්තුවට වඩා වැඩිපුර බස් ගාස්තු අය කළ හොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post