සජබෙන් ආණ්ඩුවට අභියෝගයක්

සජබෙන් ආණ්ඩුවට අභියෝගයක්

Published on July 03, 2025, 08:43 PM

වර්තමානයේ ආණ්ඩුව මැතිවරණවලට බිය වී සිටින බවත්, පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (03දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට ඕනෑ වෙලාවක තියන්න පුළුවන්. පැහැදිලිව කියලා තියෙනවා පළාත් සභා මැතිවරණය පොඩි ප්‍රශ්නයක් නිසා කොට්ඨාස ක්‍රමය සහ මනාප ක්‍රමය මතනේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ පොඩි පනතක් ගෙනත් සරල බහුතරයකින් එක දවසින් මේක කරන්න පුළුවන්. ආණ්ඩුව දැන් මැතිවරණවලට යන්න බයයි. පසුගිය මැතිවරණයේ ලක්ෂ 23ක් අඩු වුණානේ. ආණ්ඩුවට අපි කියනවා. කරුණාකරලා පළාත් සභා පනත නැවත වරක් සංශෝධනය කරලා මැතිවරණයට එන්න.

ඉස්සර තිබුණේ මනාප ක්‍රමය. දැන් කොට්ඨාස බෙදන්න ඕනෑ. ඒකට කල් ගතවෙනවා.  මේක ඉක්මනින් පවත්වනවා නම් පැහැදිලිම දේ පරණ මනාප ක්‍රමයට ගියා නම් ලේසියි. මනාප ක්‍රමයට යන්න පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගන්න පුළුවන්. ඒකයි කිව්වේ විපක්ෂය ලෙස අපි සහයෝගය දෙන්නම් කියලා. ”

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post