ජුනි මාසයේදී සංචාරකයන් 138241 ඇවිත්

ජුනි මාසයේදී සංචාරකයන් 138241 ඇවිත්

Published on July 04, 2025, 07:25 AM

ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 138241ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අගය 2024 වසරේ ජුනි මාසය හා සසදා බැලීමේදී (113470) සියයට 21.8ක වර්ධනයකි.

ජුනි මාසයේදීද සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 37 934කි.

මේ වසරේ ජුනි මස 30 දා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 1 168 044කි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post