
Published on July 30, 2025, 04:25 PM
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද(30දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.