දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ

දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ

Published on July 03, 2025, 01:59 PM

දුටුගැමුණු රජු,එළාර රජු පරාජයකිරීමේ සටනේදී ශක්තියක් වූ කඩොල් ඇතාගේ දළ යුගල ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ හයවන පෙරහරට ප්‍රථමයෙන් දේව මාලිගයෙන් පිටතට ගෙන පෙරහර අවසන් වන තෙක් ප්‍රදර්ශනය කිරීම (02) වෙනිදා සිට ආරම්භ කෙරිණි.

දළ යුගළය ගැන ඉතිහාසයේ සඳහන් වන ආකාරය...

හිමාලයේ ඡද්ධන්ත විල ඇසුරු කරගෙන දිවි ගෙවූ ඇතින්නියක් පැටියෙකු බිහිකළ අතර එම ඇතින්නිය මුහුද තරණය කර රුහුණේ මාගම කඩොල් කැළේට පැමිණ තිබේ. මෙම ඇත් පැටවා ගැමුණු කුමර උපන් දිනයේම බිහිකර ඇත.

ඇත් පැටවා තනිකර ඇතින්න නැවත හිමාලයට ගොස් ඇති අතර ධීවරයෙකු ඇත් පැටවා දැක ඒ පිළිබඳව රජ මාලිගාවට දැනුම් දීමෙන් පසු මාලිගාවේ භාරයට ගෙන තිබේ.

කඩොල් කැළයක සිට හමුවීම නිසාත් එම ධීවරයා  කඩොල් නමැත්තෙකු වීම නිසාත් මෙම ඇත් පැටවාට කඩොල් යන නාමය ලැබී ඇත.පසුකාලීම දුටුගැමුණු රජු හා එළාර රජු අතර පැවති සටන දිනීම සඳහා විජිතපුර බලකොටුව බිඳීමට කඩොල් ඇතු ඉවහල් වූ බව ඉතිහාසයේ සඳහන්වේ.

යුද ජයග්‍රහණයෙන් පසු කතරගම ප්‍රථම ඇසල මංගල්‍යයේ දෙවියන් වැඩමවීම කඩල් ඇතා විසින් සිදුකළ අතර දුටුගැමුණු රජුගේ අභාවයෙන් පසු ඇතා දුර්වලවී මාගමට යමින් සිටියදී මියගොස් ඇති අතර පොරමැඩිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇත. පසුව රාජ ආඥාව යටතේ දළ යුගල කතරගම දේවාලයට පූජා කර තිබේ.

දේවාලයේ වැඩසිටින මාලිගාවේ තැම්පත් කොට ඇති මෙම දළ යුගල ඇසල පෙරහරේ සයවෙනි දිනට ප්‍රථම දේවාලයේ මහකඩතිරය දෙපස ප්‍රදර්ශනය කරනු ලැබේ. පෙරහර අවසන්වීමෙන් අනතුරුව නැවත දළ යුවල ඇතුල් මාලිගාවේ තැම්පත් කිරීම චාරිත්‍රය වේ.

මොනරාගල සුමනසිරි ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post