ලංකාවේ පළමු ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොල වලව්වේ

ලංකාවේ පළමු ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොල වලව්වේ

Published on July 01, 2025, 07:12 PM

මහනුවර ඇහැළේපොළ වලව්වේදී තවත් නොබෝ දිනෙකින් විවෘත වීමට නියමිතමෙරට ප්‍රථම සහ එකමඉටි රූප කෞතුකාගාරයේ විවෘත කිරීමේ උළෙලට සමගාමීවසර්ව රාත්‍රිකපිරිත් දේශනයක් සහදානමය පුණ්‍යකර්මයක්ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ඇහැළේපොළ පවුලේ සාමාජිකයන්ටපිං පැමිණවීමටත්එම කෞතුකාගාරය ඉදිකිරීම සඳහාවෙහෙස මහන්සි වූ සියලු දෙනාටපැමිණවීමටත් එමපිරිත් සජ්ඣායනයසංවිධානය කෙරුණි.

මෙම ඉටි කෞතුකාගාරයේ ප්‍රතිනිර්මාණය කෙරෙන මූලික අංගයන් වන්නේමහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්පයපිළිබඳවජනතාවට මූලික අධ්‍යයනයක් ලබාගත හැකි ආකාරයටමෙම ඉටි කෞතුකාගාරය සැලසුම් කොට තිබේ.

යටත් විජිත යුගයේදී මෙම ඓතිහාසික වලව්වේ මූලිකස්වරූපය වෙනස් කොට එයසිරගෙයක් බවට පත්කොට තිබූ අතරමතක් වනතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මෙම ඓතිහාසික බිංකඩපසුව නාගරික සංවර්ධන අධිකාරියටපවරා ගැනීමෙන් අනතුරුව රුපියල්මිලියන 150ක මුදලක් වැයකොටඅලුත් වැඩියා කිරීමෙන් අනතුරුවවිශේෂ දීමනා පත්‍රයකින් එය ශ්‍රී දළදා මාලිගාවටපූජා කෙරුණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post