අපි වෙනුවෙන් අපි හරහා නිවාස ආධාර ලබාදීමේදී ප්‍රමුඛතාව නොසලකා හැරලා

අපි වෙනුවෙන් අපි හරහා නිවාස ආධාර ලබාදීමේදී ප්‍රමුඛතාව නොසලකා හැරලා

Published on July 06, 2025, 02:27 PM

දිවයිනේ රණවිරුවන් සඳහා නිවාස ආධාර ලබා දීම  සඳහා (අපි වෙනුවෙන් අපි) අරමුදලින් 2010 වර්ෂයේ ජනවාරි සිට 2022 දෙසැම්බර් දක්වා වසර දොළහක කාලයක සිට නිවාස ආධාර ලබාදීමේදී  ප්‍රමුඛතාවය නොසලකා හැර ඇති බවත් තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන් අතරින් ක්‍රියාන්විත රාජකාරියේ දී මිය ගිය සහ  ආබාධිත රණවිරු පවුල් තිබෙනුයේ   සියයට විසි නවයක් බවත් ජාතික විගණන කාර්යාලය මගින් ජුලි මස 4 වන දින නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරනය වෙයි.

එනම් එම කාල සීමාව තුල ( 2010 සිට 2022 ) නිවාස ආධාර ලබා ගත් දිවයිනේ පුද්ගලයන් 3080 ක් අතරින් ක්‍රියාන්විත රාජකාරියේදී මිය ගිය හෝ ආබාධිතවු රණවිරු කණ්ඩායම්වලට අයත් ප්‍රතිලාභීන් සිටිනුයේ රණවිරුවන් 885 දෙනෙකු බවත් එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙම පිරිස තවමත් ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු අය බවද එම විගණන වාර්තාවෙි සඳහන් වෙයි.මව්බිමේ ඒකීය භාවය සදහා රට වෙනුවෙන් සටන් කර සන්නද්ධ හමුදාවල සේවකයින් නිවාස ණය ලබාදීමේදී මහජන පරිත්‍යාන මත " අපි වෙනුවෙන් අපි ' අරමුදල 2010 වර්ෂයේ සිට ගොඩ නගා ඇති බව එම විගණන වාර්තාවෙි වැඩි දුරටත් සඳහන් වෙයි.

එහෙත් අඩක් නිම කළ නිවාස ව්‍යාපෘතිවල  ඉදිරි කටයුතු අවසන් කිරීම සඳහා ගෙවනු ලබන ආධාරවලින් ප්‍රමුඛතාවය තෝරා නොගෙන ලබාදි තිබු බව ද එහි සදහන් වෙයි. දෙමහල් නිවාසවල සුලු අඩුපාඩු සහ පූර්ණ වශයෙන් අවසන් කළ නිවාසවල තීන්ත ආලේප කිරීම දොර ජනෙල් අලුත්වැඩියාව වැනි කටයුතු සඳහා ආධාර ලබාදී ඇති බව එම විගණන වාර්තාව අනාවරනය කර ඇත.

ලුතිනන් කර්නල් බ්‍රිගේඩියර් වැනි ඉහළ නිලතල හොබවන ලද නිලධාරීන්ද ඒ අතර සිටින බවද එම විගණන වාර්තාව හෙලි කර තිබේ.

චන්දන සමරවික්‍රම

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post