බීමත් බස් රියදුරුට රු. 25000ක දඩ, රියදුරු බලපත්‍රය සම්පූර්ණයෙන් අත්හිටුවයි

බීමත් බස් රියදුරුට රු. 25000ක දඩ, රියදුරු බලපත්‍රය සම්පූර්ණයෙන් අත්හිටුවයි

Published on July 06, 2025, 03:31 PM

බීමත්ව මගීන් සමග බස් රථයක් ධාවනය කිරීම සම්න්ධයෙන් වරදකරුවු පුද්ගලික බස් රථ රියදුරෙකුට රුපියල් 25000ක දඩයක් නියම කොට ඔහුගේ රියදුරු බලපත්‍රය සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය  සිකුරාදා  නියෝග කලාය.

මෙසේ රියදුරු බලපත්‍රය සම්පූර්ණයෙන්ම  අත්හිටුවා දඩ නියම කරනු ලැබුවේ කඹුරුපිටිය මාපලාන පදිංචි නයිදුවා දුරගේ පැතුම් සංජය (39) නමැති රියදුරෙකුටය.

මෙම රියදුරු දෙයියන්දර සිට කොළඹ බලා මගින් පටවාගත් පුද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටියදි  අලුයම 3.30ට පමණ අහංගම පොලිසියේ මාර්ග සංචාරක යතුරු පැදි  අංශයේ කොස්තාපල්වරුන් වන සංජිව (90012) සිරිවර්ධන(103474) යන මහත්වරුන් විසින් බස් රථය නවතා පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ රියදුරු මත්පැන් පානය කර සිටින බවටය.

පසුව කරණ ලද ස්වසන පරීක්ෂණයේදි තහවුරුවී ඇත්තේ ඔහු මත්පැන් පානය කර සිටින බවය.එම අවස්ථාවේ පොලිස් නිලධාරින් මගින්ට කරුණු පැහැදිලිකරදි මගින් වෙනත් බස් රථවල නංවා පිටත් කොට පසුදිනම සැකකාර රියදුරා අධිකරනයට ඉදිරිපත් කලේය.

අහංගම පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක චන්දන මහතා සමග සැරයන් අරුණ (15921) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

චන්දන සමරවීක්‍රම

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post