මස්ක් ඇමෙරිකානු පක්ෂය හඳුන්වා දෙයි

මස්ක් ඇමෙරිකානු පක්ෂය හඳුන්වා දෙයි

Published on July 06, 2025, 04:59 PM

ඇමෙරිකානු පක්ෂය නමින් විකල්ප දේශපාලන පක්ෂයක් ඇමෙරිකාවට හඳුන්වා දෙන බව ලෝකයේ අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් සඳහන් කරයි.

මස්ක් තම සමාජ මාධ්‍ය වේදිකාව වන X හි නිවේදනය කළේ තමා ඇමරිකා පක්ෂය පිහිටුවා ඇති බවත්, එය මෙතෙක් ඇමෙරිකාවේ පැවැති රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ද්වි-පක්ෂ ක්‍රමයට අභියෝගයක් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමඟ විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පැහැදිලි නැත. මස්ක් ඇමෙරිකානු ජාතිකයෙක් වුවත් ඔහු ඇමෙරිකාවෙන් පිටත එනම් දකුණු අප්‍රිකාවේදී උපත ලබා ඇති හෙයින් ඔහුට ඇමෙරිකාවේ ජනාධිපතිධුරයට තරග කිරීමට නොහැක. ඒ අනුව පක්ෂයේ නායකත්වයට පත්කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් ප්‍රකශයට පත්කර නොමැත.

පසුගිය ඇමෙරිකානු ජනපතිවරණයේදී වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය වැය කළ මස්ක් පසුව ඩොලන්ඩ් ට්‍රම්ප් ජනපති සමග විරසකයක් ඇති කර ගත්තේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post