ගාල්ලේ පුරන් කුඹුරු අක්කර 1044ක් යලේදී වගා කරලා

ගාල්ලේ පුරන් කුඹුරු අක්කර 1044ක් යලේදී වගා කරලා

Published on July 06, 2025, 04:19 PM

එකමිටට ගොවිබිමට ජාතික වැඩසටහනට සමගාමිව ගාල්ල දිස්ත්‍රික්කය තුල මෙවර යල කන්නයේ දි  කුඹුරු කැබලි 1308කට අයත් පුරන් කුඹුරු අක්කර 1044ක් පමණ වගාකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන  නියෝජ්‍ය කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස් ප්‍රියන්ජන් මහතා පවසයි.

එමෙන්ම වගාකොට  නොමැති ගොඩඉඩම් කැබලි 150කට අයත්  අක්කර 171ක වෙනත් භෝග  වගාකොට ඇති බවද  හෙතෙම පවසයි.  ගොවිජනසේවා මධ්‍යස්ථාන 33 අතුරින් මෙවර  යල කන්නයේ දි වැඩිම පුරන් කුඹුරු ප්‍රමාණයක් වගාකොට ඇත්තේ  යක්කලමුල්ල ගොවිජන සේවා බල ප්‍ර දේශයෙන් වන අතර එම සංඛ්‍යාව අක්කර 155.37කි. ඇල්පිටිය ගොවිජන සේවා බල ප්‍ර දේශය තුල පුරන්කුඹුරු අක්කර 84ක් සහ  වලහන්දුව ගොවිජනසේවා බල ප්‍ර දේශය තුල පුරන් කුඹුරු අක්කර 74.370ක් වගා කොට  ඇත.

එකමිටට ගොවිබිමට ජාතික වැඩසටහන යටතේ  කෘ.ප.නි.ස කොට්ඨාශ මට්ටමින් ප්‍රගතිය විමසා බැලිමද  ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් සිදුකෙරේ.මෙකි ජාතික වැඩසටහන යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වගානොකර  ඇති කෘෂිකාර්මික ඉඩම් නැවත වගාකරණ ලෙස  ගොවින් වෙත ලබාදුන් නිවේදන ලිපිවලට අනුව  මෙකි කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් නැවත  වගාකොට  ඇති බවද ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත්  සදහන් කළේය.

චන්දන සමරවික්‍රම

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post