ඉනිය භාරතී අත්අඩංගුවට

ඉනිය භාරතී අත්අඩංගුවට

Published on July 06, 2025, 05:31 PM

නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රි  සිවනේසතුරේයි චන්ද්ර කාන්තන් කොහොත් පිල්ලයාන්ගේ  ටී.එම්.වී .පී. පක්ෂයේ  පක්ෂයේ අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන ඉනිය භාරති නොහොත් කුමාරස්වාමි පුෂ්පකුමාර අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

ඉනිය භාරති එල්.ටී.ටී,ඊ. සංවිධානයේ සිට කරුණා අම්මාන් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානය අත්හැර දමා පැමිණි නායකයෙකි .පසුව 2015 වර්ෂයේදී නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් විය. තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිදුවූ  මිනිස් ඝාතනවලට අදාළව පැවැත්වෙන පරික්ෂණ  සඳහා ඔහු සැකපිට මෙම අත්අඩංගුවට  ගැනීම සිදුකර තිබේ.අත් අඩංගුවට ගත් ඉනිය භාරති අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් විසින් ඔහු කොළඹට රැගෙන ගොස් තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post