ජයග්‍රහණයට එංගලන්ත කණ්ඩායම තවත් ලකුණු 536ක් පිටුපසින්

ජයග්‍රහණයට එංගලන්ත කණ්ඩායම තවත් ලකුණු 536ක් පිටුපසින්

Published on July 06, 2025, 02:42 PM

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හා අවසන් දිනය සඳහා වන තරගය අද (06දා) පැවැත්වීමට නියමිතව තිබේ.

4වැනි දිනය සඳහා තරගය නතර කරන විටි ලකුණු 608ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 72ක් ලබා සිටියේය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 587ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 407ක් රැස් කළහ.

ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 427ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට කටයුතු කරනු ලැබිණි.

එංගලන්ත කණ්ඩාය තරගය ජයග්‍රහණය කිරීමට නම් අද දිනයේදී තවත් ලකුණු 536ක් ලබා ගත යුතු වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post