නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් දුෂ්කර පාසල්වලට වැඩි මූල්‍ය පහසුකම්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් දුෂ්කර පාසල්වලට වැඩි මූල්‍ය පහසුකම්

Published on July 07, 2025, 08:14 PM

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර  පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දෙමින් පාසල් දියුණු කරන  බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

ඉදිරියේදී  ක්‍රියාත්මක කිරීමට  නියමිත අධ්‍යාපන  පරිවර්තනය පිළිබඳ  සාකච්ඡා කර නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවල සහය අවශ්‍ය  බවද ඇය පවසා සිටියාය.

ජාතික ප්‍රතිපත්තිය සහ පළාත් සභා ක්‍රියාවලිය ඒකාබද්ධ කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතු බවත් අධ්‍යාපන ප්‍රතිපත්තිවල පරස්පරතාවක් ඇති නොවන පරිදි පවත්වාගෙන යාම  ඉතා වැදගත් බවත් ඇය සඳහන් කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ වන්නේ  අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම බවද එහි අවසාන ප්‍රතිලාභය ලැබිය යුත්තේ පාසල් යන දරුවන්ට සහ ඒ දෙමව්පියන්ට හා එම පවුලට බවද අගමැතිවරිය පවසා සිටියාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී පවතින  අභියෝග වන්නේ  පවතින අධ්‍යාපන ක්‍රමය  වෙනස් කිරීම හා අදාළ වෙනස් කිරීම් සිදුකරමින් දැනට  තිබෙන ක්‍රමවේදය ටික කාලයකට පවත්වා ගෙන යාම බවද ඇය සඳහන් කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පළාත් සහ කලාප මට්ටමින් ලැබිය යුතු දායකත්වය පිළිබඳ ආණ්ඩුකාරවරුන් සහ පළාත් ලේකම්වරුන් දැනුම්වත් කරමින් ඉකුත් 05 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post