රු. 50000ක් අල්ලස් ගත් නියෝජ්‍ය අදායම් කොමසාරිස් අල්ලයි

රු. 50000ක් අල්ලස් ගත් නියෝජ්‍ය අදායම් කොමසාරිස් අල්ලයි

Published on July 07, 2025, 09:31 PM

රුපියල් පනස්දහසක මුදලක් අල්ලස් ලෙස , ලබාගත් දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සිදුකල විමර්ශනයකට අනුව අදාල අත්අඩංගුවට  ගැනිම සිදුකල බවද අල්ලස් කොමිෂම සදහන් කරයි.

පැමිණිලිකරු විසින් දෙමටගොඩ, කොළොන්නාව පාරේ පවත්වා ගෙන යනු ලබන ආයතනයක 2025 වර්ෂයට අදාළ බදු නිශ්කාෂන වාර්තාව ලබා ගැනීමට කටයුතු කිරීමේ දී පසුගිය වර්ෂයන් සඳහා රුපියල් 1,100,000/-(රුපියල් ලක්ෂ එකළොහ) ක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව දන්වා, එය ඉවත් කර, 2025 වර්ෂයට අදාළව නිශ්කාෂණ වාර්තාව ලබා දීම වෙනුවෙන් රු.100,000/- (රුපියල් ලක්ෂයක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙන බවද පෙන්වා දෙයි.

එම මුදල රු.50,000/- (රුපියල් පනස් දහස) දක්වා අඩු කර, එකී අඩු කළ මුදලින් රු.42,000/-ක (රුපියල් හතළිස් දෙදහසක) මුදලක් මේ මස.03 වන දින ද, ඉතිරි රු.8,000/- ක (රුපියල් අටදහස) මුදල අද(.07 වන) දින අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ දී ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ, නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඅඩංගුවට ගෙන තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post