ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන කමිටුවෙන් කර්තෘ සංසදය ඉවත් වෙයි

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන කමිටුවෙන් කර්තෘ සංසදය ඉවත් වෙයි

Published on July 07, 2025, 08:59 PM

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරන ලද කමිටුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය ඉවත් වූ බව  එම සංසදයේ ලේකම් මොහාන් ලාල් පියදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිදුකෙරුණු පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් මෙම තීරණ ගත් බවද එහි සඳහන් කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.

“ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරන ලද කමිටුවේ ඇතැම් සාමාජිකයන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය ද එවන් න්‍යාය පත්‍රයකට සහභාගී වී ඇති බවට ඇඟවෙන ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ අවධානය යොමු වී තිබේ.

අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිදුකෙරුණු පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් එවැනි ප්‍රතිපත්තියක ප්‍රභවය සහ අරමුණු පිළිබඳව පැහැදිලි බවක් නොමැති යැයි පෙනී යාමෙන් පසුව උක්ත කමිටුව සහභාගී වීමෙන් ඉවත් වන බව කර්තෘ සංසදය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ අත්සන්කරුවකු ලෙස කර්තෘ සංසදය තම ස්ථාවරය නැවත අවධාරණය කරන අතර, එසේ වුවද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට විකල්පයක් උදෙසා සිදුකෙරෙන සාකච්ඡා සඳහා සහභාගී වීමට කර්තෘ සංසදයේ කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද සඳහන් කරමු.”

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post