වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි

වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි

Published on July 07, 2025, 01:42 PM

වස මිශ්‍ර හතු හා හරක් මස් මිශ්‍ර ආහාර වේලක් ලබා දී සිය ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියා ජාතික කාන්තාව වරදකාරිය බවට ඔස්ට්‍රේලියාවේ ජුලි සභාවක් තීන්දු කළේය. සති 10ක නඩු විභාගයකින් අනතුරුව 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

චෝදනා ලැබූ එරින් පැටර්සන්ට මිනීමැරුම් චෝදනා තුනකට සහ තවත් පුද්ගලයෙක් ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ නඩු විභාගය පැවැත්වීය.

තම ස්වාමියාගේ (විරසකව ඇති) මව හා පියා (එරින් පැටර්සන්ගේ නැන්දාම්මා හා මාමා) තම ස්වාමියාගේ මවගේ සහෝදරිය මෙම ආහාර වේල නිසා ජීවිතක්ෂයට පත්වූ අතර මවගේ සහෝරියගේ ස්වාමියා දිවි බේරා ගැනීමට සමත්විය.

ආහාර වේල ලබාදීමෙන් දින කිහිපයකට පසුව එම ආහාර වේල භුක්ති විදි පිරිස් බරපතල ලෙස අසනීපව මිය ගියේය. පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළි වි ඇත්තේ හතු මිශ්‍ර හරක් මස්වලින් සකසන ලද ආහාර වේලට වස එක්කර තිබි ඇති බවයි. ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානයට යොමුවූ මෙම නඩුව හතු මිනීමැරුම ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

එරික් තම සැමියාටත් මෙම ආහාර වේල සඳහා ආරාධනා කර තිබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණි. ඇයගේ දරුවන් දෙදෙනාට ඇය වස මිශ්‍ර හතු ඉවත් කර කෑම ලබා දී ඇතත් එම දරුවන්ට එයින් හානියක් සිදුව නොමැත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post