
Published on July 01, 2025, 10:59 AM
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගම මෙන්ම සයිනොපෙක් සමාගම්ද සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
මේ අනුව ඔවුන්ද සිය ඉන්ධන මිල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සමාන කර තිබේ. වැඩිවූ මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක් රු. 305ක්, ලංකා ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 289ක් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 185ක් දක්වා වැඩි කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේය.