ලංකාවේ බලශක්ති ආයෝජන අවස්ථා ගැන ඉන්දීය ආයෝජකයන්ගේ අවධානය

ලංකාවේ බලශක්ති ආයෝජන අවස්ථා ගැන ඉන්දීය ආයෝජකයන්ගේ අවධානය

Published on July 01, 2025, 05:41 PM

ශ්‍රී ලංකාවේ බලශක්ති ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්ගේ අවධානය යොමුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් ඊයේ (30) බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සඳහා ආයෝජන අවස්ථා පිළිබඳව සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළ හැකි නව මංපෙත් සෙවීමේ අරමුණින් මෙම හමුව පැවති අතර, විශේෂයෙන්  ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින හා අනාගත ආයෝජන අවස්ථා පිළිබඳවත්, දෙරට අතර තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත්,  හරිත බලශක්ති, විකල්ප ඉන්ධන ප්‍රභවයන්, නවීන තාක්ෂණ හා පරිසර හිතකාමී ව්‍යාපෘති ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් විය.

මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ CII හි හිටපු සභාපති, ITC Limited සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර සන්ජීව් පුරි මහතා, Lanka Indian Oil Corporation සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා, Hykon India Limited සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝ ජෝර්ජ් මහතා ඇතුළු බලශක්ති හා හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් පිරිසක් එක්ව සිටියහ.

මෙම හමුව ශ්‍රී ලංකාව තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන වැඩිදියුණු කිරීම හා දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post