ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සියල්ල හුදු ප්‍රදර්ශනාත්මක විදේශ සංචාර පමණයි

ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සියල්ල හුදු ප්‍රදර්ශනාත්මක විදේශ සංචාර පමණයි

Published on July 29, 2025, 09:50 PM

ජනාධිපතිවරයාගේ සියලු සංචාර වල අරමුණ විය යුත්තේ රටට ප්‍රතිඵලදායක යමක් ලඟා කර ගැනීම බවත්, කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාගේ  විදේශ සංචාර සියල්ල හුදු ප්‍රදර්ශනාත්මක විදේශ සංචාර පමණක් බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (29දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මේ දවස් වල ජනාධිපතිවරයා තරගයට පිටරට යනවා. මම හිතන්නේ මාස 10ක කාලය තුළ මේ ඔහුයේ 06 වැනි සංචාරය. ඒ විදේශ ගතවීමේ කාරණයේදී රටට යහපත් ප්‍රතිඵලයක් එනවා නම්, රටේ ඒ සංචාර තුළින් යම් ආකාරයකට ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අපි ඒකට සතුටු වෙනවා. ඒත් ජනාධිපතිවරයාගේ මේ විදේශ සංචාර සියල්ලක්ම හුදු ප්‍රදර්ශනාත්මක විදේශ සංචාර පමණයි. මම දැක්කා සමාජ මාධ්‍ය තුළ තියෙනවා අනුර යනවා, අනුර උණුසුම්ව පිළිගන්නවා, කාවහරි මුණගැහෙනවා, එතනින් එහාට මුකුත් නෑ කියලා.

ඒ කතාවේ ඇත්තක් තියෙනවා. සමාජ මාධ්‍යයේ ඒක පළ වුණත් ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඇයි? හැම වෙලාවකම ජනාධිපතිවරයා යනවා, උණුසුම්ව පිළිගත්තා කියනවා, කාව හරි මුණගැහුනා කියලා පින්තූර ටිකක් වැටෙනවා, එතනින් එහාට රටට , රටේ පවතින අර්බුදයන් වලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අපිට සහනයක් පිහිටක් තිබෙනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

අපිට තියෙනවා මුහුණ දෙන්න ලොකු අර්බුදයක්. ඒක දැන් සමනය වෙලා නෑ. ආර්ථික අර්බුදයක් කියන්නේ අපි දැන් මුහුණ දෙන තත්ත්වයත් එක්ක ඒ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වූ යම් ආකාරයක සංවිධානාත්මක වැඩ පිළිවෙලක් , ජාත්‍යන්තරව සහයෝගය තිබෙන වැඩපිළිවෙලකට නොගියොත් අපිට 2028දී ඒ අර්බුදයෙන් විශාල පීඩාවකට පත්වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ජනාධිපතිවරයාගේ සියලු සංචාරයන් වල අරමුණ විය යුත්තේ රටට ප්‍රතිඵලදායක යමක් ලඟා කර දෙන්න. ”

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post