ආපදාවටපත් ඉන්දීය ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව මුදාගනියි

ආපදාවටපත් ඉන්දීය ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව මුදාගනියි

Published on July 07, 2025, 12:59 PM

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරක‍ට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුලි මස 06 වැනි දින කටයුතු කෙරිණි.

2025 ජුනි මස 29 වන දින සිට ඉන්දියානු ධීවර යාත්‍රාවක් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්  පූර්ණ සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙතින්, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකෙරුණු දැනුම් දීමකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමක් ලෙස සියළුම සෙවීම් හා ගලවා ගැනීම් මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකල විශේෂ සේවීමේ  හා මුදාගැනීමේ මෙහෙයුමක් මඟින්, හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ ආපදාවට පත්ව ක්‍රියා විරහිතව තිබූ එම ඉන්දීය ධීවර යාත්‍රාව නිරීක්‍ෂණය කල නාවික හමුදාව, එහි සිටි ඉන්දීය ධිවරයින් සිව් දෙනෙකු (04) නිරුපද්‍රිතව මෙලෙස මුදා ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් මුදාගත් ඉන්දීය ධීවරයින් සිව්දෙනා (04), ඉන්දියාවේ මිනිකෝයි දුපතේ පදිංචි පුද්ගලයන් බවට අනාවරණය වූ අතර, එම පිරිස දික්ඕවිට වරායට  රැගෙනවිත් අවශ්‍ය වැඩිදුර සහන සැලසීම නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බලකාය විසින් සිදුකෙරිණි. අනතුරුව සිදුකල මූලික වෛද්‍ය පරීක්‍ෂණයන්ගෙන් පසුව, එම ඉන්දීය ධිවරයින් සිව්දෙනා (04) ඉදිරි කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම සාර්ථක සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුමත් සමඟ, දෙසතියක කාලයක් තුල කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගත් දෙවන ඉන්දීය ධිවර පිරිස ලෙසට මෙම ඉන්දීය ධීවරයන් සිව්දෙනා (04) මුදාගත් මෙහෙයුම සනිටුහන්වේ. එමෙන්ම, මෙම සාර්ථක මුදා  ගැනීමේ මෙහෙයුම, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ හා නාවික හමුදාවේ, සෙවීම් හා මුදා  ගැනීම සඳහා වන මෙහෙයුම් සුදානම සහ එවැනි මෙහෙයුම් සඳහා සාර්ථකව සහ ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම මොනවට පැහැදිලි වන අවස්ථාවක්ද විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post