බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී මෝටර් රථ විකුණයි

බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී මෝටර් රථ විකුණයි

Published on July 07, 2025, 03:57 PM

අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් විකුණා දමන ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ උපදෙස්වලට අනුව විවිධ වර්ගවල හා මාදිලිවල සුඛෝපභොගී වාහන විකිණීම සඳහා බලශක්ති අමාත්‍යංශය ටෙන්ඩර්පත් කැඳවා ඇත.

ඒ අනුව, ලංසු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහාම වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර, ආපසු නොගෙවන රු.5000/- ක මුදලක් ගෙවා අංක 437, ගාලු පාර, කොළඹ - 03 ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාල අයදුම්පත් ලබා ගත හැකිය. එලෙස අයදුම්පත් ලබාගත් අයට ඉහත ලිපිනයේ සහ අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ - 07 ලිපිනයේදී එකී වාහන පරීක්ෂා කර බැලිය හැක.

තම තමන්ගේ මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවනු ලබන රු. 50,000/-ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට්පතද සමග 2025.07.16 දින පෙ.ව.10.00ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු අතර, වැඩි විස්තර දුරකථන අංක 0112574740 හා 0112574941 ඇමතීමෙන් හෝ http://energymin.gov.lk/ වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post