කහවත්තේදී තරුණයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් වෙඩි තබයි

කහවත්තේදී තරුණයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් වෙඩි තබයි

Published on July 01, 2025, 08:52 AM

කහවත්ත, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති තිබේ. මෙම වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ අනෙක් තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පැහැරගෙන යාමෙන් අනතුරුව තරුණයන් දෙදෙනා පාලු ප්‍ර දේශයකට රැගෙන ගොස් ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

මිය ගිය තරුණයා 22 හැවිරිදි වියේ පසුවන අතර තුවා ලැබූ තරුණයා 27 වැනි වියේ  පසුවෙයි. කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post