ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි

ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි

Published on June 28, 2025, 07:23 PM

නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකදී අද 28 දින  වැවිලි හා ප්‍රජා  යටිතල පහසුකම් ඇමති  සමන්ත විද්‍යාරත්න මහතා මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.

හල්දුම්මුල්ල කබරගල ප්‍රදේශයේදී නාය යාමෙන් විපතට පත්ව වසර දෙකකට අධික කාලයක සිට කඳවුරු ගතව ජීවත්වන පවුල් 50  ක්  වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි.

එක්  පවුලක් සඳහා රුපියල් ලක්ෂ තිස් දෙකක මුදල් ආධාර හා පර්චස් දහයක ඉඩමක් ලබාදීම මත නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

මෙහිදී  ඇමතිවරයා සිය පාර්ශ්වයේ නිලධාරීන් සමඟ එක්ව බිත්ති බැඳීමේ නිරත වූ අතර එය පැමිණි පිරිස්  ආදර්ශයක්  ලෙස සැලකූහ.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවින්ද්‍ර බණ්ඩාර, කිට්නම්  සෙල්වරාජ්,  අම්බිගා සැමුවෙල් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් රාජපක්ෂ ප්‍රාදේශීය ලේකම්  කේ.ඒ.ජේ  ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.ශ්‍රී ලංකා යුධ හමුදාව මෙහි ඉදිකිරීම්  දායකත්වය දරුණු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post