දෙවැනි ටෙසට් තරගය ජය ගනිමින් ලංකාව තරගාවලිය දිනයි

දෙවැනි ටෙසට් තරගය ජය ගනිමින් ලංකාව තරගාවලිය දිනයි

Published on June 28, 2025, 11:29 AM

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 78කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එස්.එස්.සී. පිටියේ පැවැති තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 133කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 247ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 458ක් රැස් කළේය‍.

නැවතත් ලකුණු 211ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ලකුණු 133කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව ශ්‍රී  ලංකාවට ඉනිමක හා ලකුණු 78ක ජයක් හිමිවිය. තරගයේ විරයා හා තරගාවලියේ වීරයා ලෙස පිත්තෙන් දක්ෂතා දැක්වූ පැතුම් නිශ්ශංක දිනා ගත්තේය. ඔහු ඉනිම තුනකදී ලකුණු 369ක් රැස් කිරීමට සමත්විය.

මෙම ජයත් සමගින් දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post